බුදු මග යමින් ජෙරම් ප්‍රනාන්දුට සමාව දෙන්න සූදානම්..! – ඕමල්පේ සෝභිත හිමි..

August 19, 2023 at 7:50 pm | by emanisa.lk

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශයක් නිසා බුදුන් වහන්සේට අපහාසයක් සිදුව ඇතැයි සමාජ මතයක් නිර්මාණය වී ඇති බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

ඒ ප්‍රකාශ පිළිබඳ සාකච්ඡා කිරීමට ජෙරම් ප්‍රනාන්දුගේ මාපියන් තමන් මුණ ගැසීමට පැමිණි බව ද සිය පුතුගේ වරද පිළිගත් බව ද එහිමියන් සඳහන් කරයි.

එවැනි සුහදශීලී සාකච්ඡා ඉතාමත් වැදගත් බවත් වර්තමාන ශිෂ්ට ලෝකයේ ආගම නාමයෙන් ලේ නොහැලිය යුතු බවත් එහිමියන් අවධාරණය කරයි.

වරදෙහි ප්‍රතිඵල ලැබෙන්නේ වරද කළ පුද්ගලයාට බව ද ඔහු වරද පිළිගන්නේ නම් බුදුන් වහන්සේගේ මග යමින් සමාව දෙන්නට සූදානම් බව ද සෝභිත හිමි ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *