ථේරවාදී බුදු දහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපානයේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවේ පවසයි.
තමාගේ ඉදිරි ජපාන සංචාරයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසුවේ මහනුවර මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් අද (20) පෙරවරුවේ බැහැදැක උන්වහන්සේලා සමඟ සාකච්ඡා කළ අවස්ථාවේය.