බුදු දහමට අපහාස කළ බෝන් එගේන් ජෙරම්ට සිළුමිණෙන් සුපිරි ප්‍රචාරයක්….!

June 11, 2025 at 12:08 pm | by emanisa.lk

ඉරිදා සිළුමිණ පුවත්පත විසින් බෝන් එගේන් නම් ක්‍රිස්තියානි ආගමික නිකායේ දිවැසිවරයෙකු ලෙස පෙනී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ ජීවිත කතාව සතිපතා පළකරමින් තිබේ.

මෙම පුවත්පත රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් ආයතනය මගින් ප්‍රකාශයට පත් කෙරෙයි.

මෙවර එහි ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ පාස්ටර් මෙලනි ප්‍රනාන්දු වෙනුවෙන් වෙන් කර ඇති අතර පසුගිය සමයේ මෙම ආගමික නිකායට එරෙහිව ප්‍රබල විරෝධයක් ද රට පුරා පැවතිණ.

සිය දේව බලයෙන් ලෙඩ රෝග සුවපත් කිරීම, අන්‍යාගමිකයන් සිය ආගමට බඳවා ගැනීම ආදී කරුණු මෙම තත්ත්වයට හේතු විය. ජෙරම් ප්‍රනාන්දු බුදු දහමට අපහාස කළ බවට පසුගිය සමයේ දැඩි චෝදනාවක් එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *