බුද්ධාගම බේරගන්න නාමල් ගේන්න හදනවා…! ඒවාට ඉඩ තියන්නේ නෑ..! – පුබුදු ජයගොඩ…

May 16, 2023 at 9:39 am | by emanisa.lk

පසුගියදා (14) තිරිකුණාමලයේ ඇති වූ සිද්ධිය මුල් කරගෙන ජාතිවාදී කණ්ඩායම්වලට දේශපාලනය කිරීමට අවස්ථාව නොදිය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

සිද්ධියට මැදිහත් වූ දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් අවශ්‍ය නම් ඒ සඳහා මැදිහත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම් යැයි ද හෙතෙම සඳහන් කළේය.

තිරිකුණාමලයේ බෝගස් හතර ප්‍රදේශයට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කීපදෙනකු පැමිණ අට්ටාලයක් සාදාගෙන කටයුතු කරද්දී ඒ පිළිබඳව නිසි මැදිහත්වීමක් නොකර පොලිසිය ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීමට පරිසරය සැකසූ වේ යැයි ද හෙතෙම චෝදනා කළේය.

මෙම සිද්ධිය මුල් කරගෙන “බුද්ධාගම බේරාගන්න පුළුවන් නාමල්ට” යයි කියමින් දේශපාලන නාඩගම් නැටීමට ඇතැමුන් උත්සාහ කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

සියම් දේශයේ සිට උපසම්පදාව රැගෙනවිත් වසර 270 ක් පිරීම නිමිත්තෙන් 14 වෙනිදා ත්‍රිකුණාමලයේ පැවැත්වීමට ගිය උත්සවයකදී දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

නුගේගොඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පුබුදු ජයගොඩ මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස