බිල නගින්නේ ලයිට් දැම්මොත්..! ඒ නිසා ලයිට් නිවලා ඉන්න…! – මහාචාර්ය රංජිත් බණ්ඩාර…

October 22, 2023 at 10:04 am | by emanisa.lk

ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සඳහා ආණ්ඩුව කඩිනම් විසඳුම් ලබා දේ යැයි පක්ෂයක් ලෙස බලාපොරොත්තු වන පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එහෙත් අවාසනාවකට එවැනි තත්ත්වයක් තවමත් දැකගත නොහැකි බවයි.

මේ වන විට විදුලි බිල නැවත වැඩි කර ඇති අතර ගාස්තුව පාවිච්චි කරන ඒකක ප්‍රමාණය අනුව ඉහළ යන නිසා ලයිට් නිවා තැබීමට හෝ අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට කටයුතු කළ යුතු බවයි, ඔහු සඳහන් කළේ.

මහාචාර්ය රංජිත් බණ්ඩාර මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *