බිලියන14ක මූල්‍ය වංචාවකට අත්අඩංගුවට පත් එදිරිසිංහ පවුලට පැය 24න් ඇප….!

January 6, 2021 at 9:33 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඊ.ටී.අයි හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (6) නියෝග කළේ ය.

ඒ එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ය. එසේම සති දෙකකට වරක් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය නියෝග කළේය.

ඊ.ටී.අයී ආයතනයේ තැම්පත් කර තිබූ රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධී ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

ඒ අනුව සැකකරුවන් ඊයේ දින අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *