බිත්තර මිල ඉහළ දමා ආණ්ඩුව අපකීර්තියට පත්කරන සැලසුමක්…!

October 19, 2024 at 11:09 am | by emanisa.lk

බිත්තර මිල යළි ඉහළ දැමීම හරහා ආණ්ඩුව අප­කී­ර්ති­යට පත් කිරීමේ උස්සා­හ­යක් ක්‍රියා­ත්මක බව සම­ස්ත­ලංකා බේකරි හිමි­යන්ගේ සංග­මයේ සභා­පති එන්.කේ. ජය­ව­ර්ධන මහතා පව­සයි.

මේ සම්බ­න්ධ­යෙන් ආණ්ඩුව වහා මැදි­හත් විය යුතු බව අව­ධා­ර­ණය කළ ඒ මහතා, මේ වන විට රට තුළ බිත්තර මාෆි­යා­වක් ක්‍රියා­ත්මක වන බව ද බිත්තරයක මිල රු.45 දක්වා ඉහළ ගොස් ඇති බව ද කීවේය.

පසු­ගිය සතියේ බිත්තර මිල අඩු වීම හමුවේ සිය නිෂ්පා­ද­න­වල මිල අඩු කිරීම හේතු­වෙන් මේ වන විට දැඩි අර්බු­ද­ය­කට මුහුණ දී සිටින බව පෙන්වා දුන් ඒ මහතා, පව­තින තත්ත්වය හමුවේ බේකරි කර්මා­න්තය තව­දු­ර­ටත් පව­ත්වා­ගෙන යෑමට නොහැකි තත්ත්ව­යක් උදාවී ඇතැයි ද අනතුරු ඇඟවූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *