බිත්තරයක් රු. 30ට දෙන්න සූදානම්…! – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයෝ…

April 18, 2023 at 7:43 am | by emanisa.lk

මැයි මාසය තෙක් ඉතිරි දවස් කිහිපය රු. 50ට අඩුවෙන් බිත්තර අලෙවිය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

පසුගිය සමයේ රු. 65 දක්වා ඉහළ ගිය බිත්තර මිල මේ වන විට රු. 50 දක්වා පහත දමා ඇතැයි ද මැයි මස 01 වෙනිදා සිට බිත්තරයක් රජයේ පාලන මිලටත් අඩුවෙන් ලබා දෙන බව ද හෙතෙම අවධාරණය කරයි.

මැයි මස සිට මසකට බිත්තර ලක්ෂ පහමාර බැගින් වැඩිපුර වෙළඳපොළට එකතු වන බවත් එවිට දෙසැම්බරය වන විට බිත්තරයක් රු. 30-35 දක්වා පහත වැටෙනු ඇති බවත් සරත් රත්නායක වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස