බිත්තරයක් රුපියල් 42ක මුදලකට ලබාදීමේ හැකියාව ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පවසයි.
ඒ සඳහා කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දිය යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.
බිත්තර සඳහා පනවා ඇති උපරිම ගැසට් නිවේදනය ඉවත් කර කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් එළැබෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට හිඟයකින් තොරව බිත්තර ලබාදීමේ හැකියාවක් පවතින බවත් ඔහු පැවසීය.
එමෙන්ම බිත්තර පිටරටින් ගෙන්වීමට කටයුතු කිරීමෙන් කර්මාන්තය අනතුරකට ලක්ව ඇති බවත් කුරුලු උණ ඇතුළු ලෙඩ රෝග යළි පැතිරීමේ අවධානමක් පවතින බවත් ඔහු තව දුරටත් කීවේය.