බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ තව දුරටත් යමක් කළ නොහැකි බව විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමේ දී හොඳින් පැහැදිලි වුණු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල පවසයි.
බැසිල් රාජපක්ෂගේ කීමට පිටින් ගොස් මන්ත්‍රීවරුන් එම සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව පැවසූ මන්ත්‍රීවරයා අද ඔහුට පාර්ලිමේන්තුවේ බලයක් නැති බව ද සඳහන් කළේය.
මේ අතර ජනතාවට අද ජීවත්වීමට නොහැකි අන්ත දරිද්‍ර වාතාවරණයක් රටේ ගොඩ නැගී ඇති බවත් දරුවන්ට කන්න දීමට සියලු දේ උකස්කර තවදුරටත් උකස් කිරීමට ඔවුනට දෙයක් ඉතිරිව නොමැතිව හූල්ලමින් සිටින බවත් මන්ත්‍රීවරයා කීවේය.
පාසල් දරුවන්ගෙන් සියයට තිහක් පමණ ආහාර නොමැතිව පාසල්වලට පැමිණෙන බව සොයා ගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ජේ සී අලවතුවල මෙසේ පැවසුවේ කොළඹදී අද (23) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.