බැඳුම්කරය වංචාවක් කියන්න හඳුන්නෙත්තිට කොන්දක් තිබුණේ නෑ…! – සුජීව සේනසිංහ….

February 22, 2023 at 2:59 pm | by emanisa.lk

වේදිකාවල තනියම ගෝරනාඩු නොකර තමා සමග ආර්ථිකය සහ බැඳුම්කරය සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස සුනිල් හඳුන්නෙත්තිට අභියෝග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි.

බොරු කයිවාරු ගැසුව ද බැඳුම්කර පිළිබඳ කෝප් කමිටු වාර්තාවට වංචාවක් යැයි දමා ගැනීමට පවා හඳුන්නෙත්තිට නොහැකි වූ බවයි, සේනසිංහ සඳහන් කළේ.

සිය නිල වෙබ් අඩවිය අප්ඩේට් කර ගත නොහැකි අනුර දිසානායක, අනෙක් අයට අප්ඩේට් වන්නැයි පැවසීම විහිළුවක් බව ද හෙතෙම කීය.

සමගි ජන බලවේග ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

බැඳුම්කර වංචාවක් සිදු නොවූ බව ප්‍රකාශ කිරීමට මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත යනුවෙන් කෘතියක් ලීවේ සුජීව සේනසිංහය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *