බාල ගල් අඟුරු මගඩිය ජනතා හිස මතට…. ලෝක ඉන්ධන මිල ඉහළට… විදුලි ගාස්තුවත් ඉහළට…?

April 29, 2026 at 11:06 am | by emanisa.lk

විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමේ නව යෝජනාවක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත්ව ඇත.

සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ජාතික පද්ධති පාලන (පෞද්) සමාගම විසින් මෙම යෝජනාව ඉදිරිපත්කර තිබේ.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම මෙම තීරණයට මූලික හේතුව වී ඇති බවත් වාර්තා වේ.

මසකට විදුලි ඒකක 90 ට වඩා අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන් වෙනුවෙන් රුපියල් කෝටි 1500 ක සහනයක් ලබා දීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ පිරිවැය ද ඉහළ යාමට බලපා ඇති බව විදුලි වෘත්තිය සමිති පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *