සෞඛ්‍ය අමාත්‍යාංයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, ගණකාධිකාරි ඇතුළු එහි සිව්දෙනකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරිය බව කියන සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට අදාලවය.
සෞඛ්‍ය අමාත්‍යංශයට ගොස් අත්අඩංගුවට ගත් එම සිව් දෙනාගෙන් සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කරගෙන අද (20) පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක අධ්යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර ඇතුළු 10 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ඇත.