බාල ඖෂධ මගඩියේ රට පැන්න මෝරෙකුට රතු වරෙන්තු…!

March 1, 2024 at 5:54 am | by emanisa.lk

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධ නඩුවේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, ප්‍රශ්නගත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයීම් කමිටුවේ සාමාජිකයකු ලෙස ක්‍රියාකළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය නමැත්තා විමර්ශන මගහැර විදෙස්ගතවී ඇති බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයේදී කරුණු දැක්වීම හමුවේය.

රතු නිවේදනයක් මගින් ජාත්‍යන්තර පොලීසි හරහා ඔහු යළි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙස ඇය එහිදී මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා ය.

ඒ අනුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළාය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *