බ්‍රයන් ලාරා කුසල්ට සුබ පතයි!

February 19, 2019 at 3:50 am | by admin

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක බ්‍රරන් ලාරා පසුගිය දා ශ්‍රී ලංකාවට ජය කැන්දූ කුසල් ජනිත් පෙරේරාගේ ක්‍රීඩා විලාශය ඇගයීමට ලක් කර තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙසේ කියයි.

“තරුණ ක්‍රීඩක කුසල් සුපිරි ඉණිමක් ක්‍රීඩා කළා. තරුණ ක්‍රිඩකයෙක් ලෙස සුවිශේෂ ක්‍රීඩකයකු විම සඳහා අවශ්‍ය කැපවිම, දක්ෂතාව සහ අධිෂ්ඨානය ඔබ මනාව පෙන්වා තිබෙනවා.”

බ්‍රයන් ලාරා ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයාය. ඒ ලකුණු 400කි. 1999 ඕස්ටේලියානු කණ්ඩායම පරාජය කිරීමට බ්‍රයන් ලාරා ක්‍රීඩා කළ ආකාරය කුසල් ජනිත්ගේ මෙම ක්‍රීඩා විලාශයට බොහෝ සමාන බව විචාරකයෝ පෙන්වා දෙති.

මෙම අවස්ථා දෙකේදීම බ්‍රයන් ලාරා සහ කුසල් ජනිත් ලකුණු 153 බැගින් නොදැවී ලබා ගෙන එක කඩුල්ලක ජයක් සිය රටට අත්කර දීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස