බස් හදන ව්‍යාපෘතිය කම්බස්…! පිරිවැයෙන් 73%ක් පරිපාලන වියදම්..!

December 31, 2023 at 12:10 pm | by emanisa.lk

මෙරට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා මගී බස් රථ 23,000ක් නවීකරණය කොට අලුත්වැඩියාව සඳහා රජය වසර 2018 – 2023 දක්වා රුපියල් මිලියන 26,000ක් වෙන් කළ ද එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇතැයි වාර්තා වෙයි.

එම මුදලින් අදාළ කටයුත්ත සඳහා වැය කර තිබුණේ රුපියල් මිලියන 248ක් හෙවත් 1%ක් පමණක් බව ද විගණන වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

මෙම විගණන වාර්තාව මගින් අනාවරණය කර තිබූ වැදගත්ම කරුණ වන්නේ බස් රථ නවීකරණයට වැය කළ බව පවසන රුපියල් මිලියන 248ක මුදලින් 73% ක් එනම් රුපියල් මිලියන 180.9 ක්ම වැය කර ඇත්තේ බස් රථ නවීකරණය කිරීමට අදාළ ව්‍යාපෘතියේ පරිපාලන වියදම් සඳහා බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *