බැසිල් රාජපක්ෂ දේශපාලන පක්ෂයක් ගොඩනැඟූ බව ඇත්ත යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම පවසයි.
හිටපු ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, එසේ වුව ද රටක් හෝ ආර්ථිකයක් පාලනය කිරීමට තරම් දැනුමක් බැසිල්ට නොමැති බවයි.
බැසිල් රාජපක්ෂට මොළ හතක් ඇතැයි කිව්ව ද බලාගෙන යන විට ඔහුට එක මොළයක්වත් නොමැති බව පෙනෙන්නේ යැයි ද කුමාර වෙල්ගම සඳහන් කළේ ය.
කෙසේ වුව ද බැසිල් රාජපක්ෂ එක දෙයකට දක්ෂ බවත් එය තමා නොකියන බවත් වෙල්ගම වැඩි දුරටත් ප්රකාශ කළේ ය.