බලශක්ති අර්බුදය අවසන්…? ඉන්දියාවේ සිට තෙල් නළයක් සහ විදුලි කේබලයක්…!

May 14, 2023 at 9:23 am | by emanisa.lk

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විදුලිය සම්ප්‍රේෂණය සඳහා දෙරට යා කෙරෙන විශේෂ විදුලි කේබලයක් ඉදිකිරීමට ඉන්දු – ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කරගෙන තිබේ.

යාපනය මුහුදේ ඉන්දු – ලංකා දේශ සීමාවෙහි පිහිටි වැලිපර හරහා මෙම විදුලිය කේබලය ඉදිකිරීමට යෝජිත බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මේ හැර තිරිකුණාමල තෙල් ටැංකි පරිශ්‍රය වෙත ඉන්ධන සැපයීම සඳහා ඉන්දියාවේ සිට ත්‍රිමලය දක්වා භූගත ඉන්ධන නළයක්ද ඉදිකිරීමට දෙරට ආණ්ඩු සැලසුම් කර තිබේ.

මෙයින් විදුලිය කේබලය ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක් පමණ වැය වෙතැයි දැනට කර ඇති මූලික ගණනයන්වලදී අනාවරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස