ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලක්ෂ 185ක් යොදවා නවීකරණය කරන ලද බලංගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළේ පොදු වැසිකිළි පද්ධතිය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර විවෘත කරයි.
මෙම ව්‍යාපෘතියේ පූර්ණ අධීක්ෂණ කටයුතු බලංගොඩ නගර සභාව විසින් සිදුකළ අතර ඒ සඳහා රුපියල් මිලියන 18.5ක මුදලක් වැයකර තිබේ.
බලංගොඩ නගරයට පැමිණෙන දෙස් විදෙස් ජනතාවට වඩාත් සුවපහසු සහ පිරිසිදු වැසිකිළි පහසුකම් ලබාදීමේ අරමුණින් නවීකරණය කළ මෙම වැසිකිළි පද්ධතිය ආබාධ සහිත පුද්ගලයන්ට සහ කුඩා දරුවන්ට පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට සකස් කර ඇත.
වැසිකිළි පද්ධතිය අවට ප්‍රදේශය විසිතුරු පැළ සිටුවා අලංකාර කර ඇති අතර පූර්ණ ආලෝක පද්ධතියක්ද ස්ථාපිත කර ඇත.
මෙහි විශේෂත්වයක් වන්නේ අපජලය පිරිපහදු කර බැහැර කළ හැකි විශේෂ ගලි පද්ධතියක් සකස් කර තිබීමයි. ඒ හරහා බලංගොඩ නගර සභාව මෙතෙක් ගලි සේවා සඳහා දැරූ වියදම සියයට 60කින් අඩු කර ගැනීමට හැකි වන බව ද සඳහන්ය.