කුරුණෑගල මාලිමා නි. නගරාධිපති අල්ලස් ගනිද්දි අත්අඩංගුවට…!

May 9, 2026 at 11:07 am | by emanisa.lk

ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගනිමින් සිටියදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් 08 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති අතර එය බත්තරමුල්ල ප්‍රදේශයේදී එය ලබාගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දිය යුතු බව නියෝජ්‍ය නගරාධිපතිවරයා ටෙන්ඩර්කරුට දැනුම් දී තිබෙන අතර ඊට අදාල රුපියල් ලක්ෂ 30ක මුදල එකවර ලබාදී ඇත.

අත්අඩංගුවට ගත් නියෝජ්‍ය නගරාධිපතිවරයා 09 වැනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *