යල්පැනගිය නීතියට සීමා වෙන්න එපා…! බය නැතිව ජනතාවට වැඩ කරන්න…! තවත් නිලධාරීන් දඬයමට ඉඩ තියන්නේ නෑ…! රාජ්‍ය නිලධාරීන් රකින්න නීති ගේනවා…! – අගමැති…

January 7, 2021 at 6:54 pm | by emanisa.lk

සද්-භාවයෙන් ජනතාවට සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් කළ නොහැකි ආකාරයට ව්‍යවස්ථානුකූල ආරක්ෂාවක් ලබා දීමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

‘ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට’ ජාතික වැඩසටහනේ රාජ්‍ය නිලධාරින් දැනුම්වත් කිරීමේ වැඩසටහනට අද (07) අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේ දී එක්වෙමින් අගමැතිවරයා මේ බව අවධාරණය කළේ ය.

ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන යාමේ වගකීම මෙන් ම හැකියාව ද ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ට බවත් පසුගිය ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් ජනතා සේවයට කැප වීම නිසා ම බන්ධනාගාරගත කිරීම රටට කළ විශාලතම ද්‍රෝහිකම බවත් අගමැතිවරයා සඳහන් කළේ ය.

ගං වතුර ආධාර බෙදාදීම නිසා හිටපු නාවික හමුදාපතිවරයා FCIDයට ගෙන ආ යහපාලන ආණ්ඩුව සිල් රෙදි බෙදීම නිසා හිටපු ජනාධිපති ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරයා බන්ධනාගාරගත කළ බවත් සිහිපත් කළේ ය.

අද රටේ පවතින ඇතැම් නීති රෙගුලාසි යල්පැන ගොස් ඇති බවත් එම සීමාවලට කොටු නොවී ජනතාව වෙනුවෙන් බිය නැතිව ඉදිරියට පැමිණ වැඩ කරන ලෙසත් හෙතෙම රාජ්‍ය සේවකයින්ට ආරාධනා කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *