බන්ධනාගාර නිලධාරීන්ට වැඩවර්ජන බෑ… රාජකාරී පැහැර හැරියොත් දැඩි පියවර…!

June 21, 2024 at 4:36 pm | by emanisa.lk

අධිකරණ කටයුතු පැහැර හරින හෝ බන්ධනාගාර ආයතනවල පරිපාලන කටයුතුවලට බාධා කරන හා ඒ සඳහා අනුබල දෙන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් අත්‍යවශ්‍ය රාජකාරියක යෙදෙන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද වගකීම් දරන නිලධාරීන් පිරිසක් බව ත් එම නිවේදනයේ සඳහන් ය.

බන්ධනාගාර ආඥා පනත, දෙපාර්තමේන්තු නිත්‍ය නියෝග හා වෘත්තීය සමිති ආඥා පනත්වල ප්‍රතිපාදන ප්‍රකාරව බන්ධනාගාර නිලධාරීන්ට වෘත්තීය සමිති පවත්වා ගෙන යෑමට හෝ ඒ සම්බන්ධයෙන් අයිතිවාසිකම් කීමට හැකියාවක් නොමැති බව ද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

වැටුප් වැඩිවීමක් ඉල්ලා බන්ධනාගාර නිලධාරීන් ලබන 26 වන දා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබූ කරුණු සැලකිල්ලට ගෙන නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *