බන්ධනාගාරය උපුල්දෙණිය වෙනුවෙන් සිට ගනී… සිරකරුවොත් හඬ වැටෙති…!

June 13, 2025 at 12:51 pm | by emanisa.lk

අනුරාධපුර රැඳවියකු අනීතික ලෙස නිදහස් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මේ වන විට බන්ධනාගාර රෝහලේ විශේෂ ආරක්ෂික ස්ථානයක රඳවා තිබේ.

බන්ධනාගාර කොමසාරිස්වරයා ඔහු යටතේ සේවය කළ නිලධාරීන් විසින්ම මාංචු දමා බන්ධනාගාර බස් රියෙන් බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේ එහි සිටි නිලධාරීන් මෙන්ම සිරකරුවන් ද බෙහෙවින් සංවේදී වී හඬ වැටුණු බව ද වාර්තා වෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියලු ම නිලධාරීන් සිය කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටින බව ද තම ප්‍රධානියාට අත්වූ ඉරණම ගැන මහත් කම්පාවට පත්ව ඇති බව ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *