සහල් සඳහා පනවා තිබූ රුපියල් 65ක බද්ද සත 25කට පහත හෙළීමත් සමග ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් පිටරටින් සහල් ගෙන්වීමට දැනටමත් ඇනවුම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව එක් මෝල් හිමියෙක් සහල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් මෙසේ ආනයනයට සැලසුම් කර තිබේ.
රුපියල් හැටපහකට අඩුවෙන් මිල දී ගන්නා එම සහල් කිලෝග්‍රෑමයක් කොළඹ වරායෙන් ගොඩ බාන විට රුපියල් සියයක පමණ මුදලක් වැය වන බව වාර්තා වේ.
මෙරට දෛනික සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් ලක්ෂ හැටපහකට වැඩි අතර මෙම සහල් මෝල් ව්‍යාපාරිකයා දිනකට වී කිලෝ ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයක් සහල් බවට පත් කරයි. ඔහු ඉදිරි මාස හයකට ප්‍රමාණවත් තරම් වී තොග රැස් කර ගෙන ඇති බව ද වාර්තා වෙයි.