බදු අංකයක් නැත්නම් 50 000ක් දඩ…!

January 3, 2024 at 10:29 am | by emanisa.lk

වයස අවුරුදු 18ට වැඩි සියලු ම පුරවැසියන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තමාට හිමි බදු අනන්‍යතා අංකය (Taxpayer Indentification Number – TIN) අංකය ලබාගත යුතු යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති හා නීති සම්පාදක කොමසාරිස් නෆීල් අබුබකර් පවසයි.

එසේම වසරකට රුපියල් ලක්ෂ 12ට වඩා උපයන්නන් ආදායම් බදු සඳහා ලියාපදිංචි විය යුතු යැයි ද එසේ නොකරන්නන්ට රුපියල් 50,000ක දඩ මුදලක් පනවන බව ද හෙතෙම අවධාරණය කරයි.

ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා ගන්නවා සේ ම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් TIN අංකය පුරවැසියන් ලබාගත යුතු බව ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *