සිය නියෝගය අනුව විල්පත්තු වනාන්තරයේ විනාශ කළ ප්‍රදේශවල නැවත වන වගා කිරීම පැහැර හැරීම පිළිබඳ අභියාචනාධීකරණය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නොතීසි නිකුත් කර තිබේ.
එළඹෙන ජුනි 28 වෙනි දිනට ප්‍රථම අදාළ කටයුතු ආරම්භ කළ යුතු බව එමගින් නියෝග කර තිබේ.
විනාශ කළ වන බිම රිෂාඩ් බදියුදීන්ගේ මුදලින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව නැවත වගා කරන ලෙස 2020 නොවැම්බර් 16 අභියාචනාධීකරණය නියෝග කර තිබිණි.
අදාළ නියෝගය කඩ කළ හිටපු ඇමැතිවරයාට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට පෙත්සම ගොනු කර තිබිණි.