බදියුදීන්ලා සිරුර පුළුස්සා පහර දී දසවධ දුන්නා…! ඩයගම මෙහෙකාර දැරියෝ 09ක් හෙළිකරති…!

July 31, 2021 at 10:15 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ දී තමන්ගේ ශරීරය පුළුස්සා දැමීම, පහරදීම ඇතුළු වධ හිංසා රැසකට මුහුණ දීමට සිදු වූ බව අපයෝජනයට ලක්වූයේ යැයි සැක කෙරෙන එම නිවසේ මෙහෙකාර සේවයෙහි නිරත වූ දැරියන් 11 දෙනාගෙන් 09 දෙනකු ම විමර්ශන භාර පොලිස් නිලධාරීන් හමුවේ පාපෝච්චාරණය කර තිබේ.

මෙම නිවෙසෙහි ළමා අපචාර සිදු වූ බවට හඳුනා ගෙන ඇති කාමර කිහිපයක් සීල් තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ

වත්මන් ආණ්ඩුව යටතේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට මෙම නිල නිවෙස ලබා දී තිබුණත් එහි කොටසක් ජනතාවට කොවිඩ් සහනාධාර බෙදාදීම වෙනුවෙන් ටික දිනක් භාවිත කර තිබිණි.

කෙසේ වුව ද ළමා අපචාර ඇතුළු අපරාධ සිදු වූ මෙම නිවස නැවත භාරගැනීමට කටයුතු කරන ලෙස බන්දුල ගුණවර්ධන අදාළ නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *