බදියුදීන්ට ගෙවන වාට්ටු පහසුකම් නෑ….! නැවතත් CIDයට ම රැගෙන යයි….!

July 24, 2021 at 6:01 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියදී පසුගිය 17 වනදා රෝහල්ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (24) නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියේය.

ඔහු රෝහල්ගත වූයේ සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි දැරිය බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහලේ දී ජීවිතක්ෂයට පත් වූ දින ය.

වෛද්‍ය පරීක්ෂණවලින් පසු බදියුදීන් මෙලෙස නැවත ජාතික රෝහලේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියේ ය.

තමා මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කරන ලෙස බදියුදීන් ඉල්ලා සිටිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා අවසර නොලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *