බටලන්ද ගැන හැඟීමක් නැති අයට නන්දිකඩාල්වල මරපු මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න බෑ…! – ඇමති බිමල් රත්නායක…

April 11, 2025 at 1:13 pm | by emanisa.lk

දකුණේ ජනතාවගේ ඇස් පනාපිට සිදු වූ බටලන්ද මහා සංහාරය පිළිබඳ අබමල් රේණුවක හැඟීමක් නොමැති මිනිසුන්ට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳිය නොහැකි බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

“දකුණේ ඇස් පනාපිට වෙච්ච මේ මහා සංහාරය ගැන, බටලන්ද වාර්තාව ගැන අබමල් රේණුවක හැඟීමක් නැති මිනිස්සු කොහොම ද නම් නොදන්නා ගමක් නොදන්නා ඥාතිකමක් නැති ලේ ඥාතීත්වයක් නැති නන්දිකඩාල්, කිලිනොච්චිය, භාරතීපුරම්හි මරා දමන ලද දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ විසඳන්නේ?”

ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී බටලන්ද වාර්තාව පිළිබඳ විවාදයට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *