බංකොලොත් රට මේ තරම් ඉක්මනින් මුදා ගනියි කියලා හීනෙන්වත් හිතුවේ නෑ…! – රාජිත…

June 22, 2024 at 11:58 am | by emanisa.lk

බංකොලොත් වීමෙන් පසු කෙටිම කාලයක් තුළ ඉන් මිදුණු එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර්බුදය සමයේ ආණ්ඩුව භාරගත් නිසා අද වන විට රට අර්බුදයෙන් ගැලවී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

“බෙහෙත් පෙත්තක් බොන්න බැරි වුණ රටක අද ඖෂධ ශාලාහිමියන් මේ තරම් උත්කර්ෂවත් උත්සවයක් පවත්වනවා. මේ ජනාධිපතිතුමා නොඑන්න ඒ කියන්නේ මෙහෙම දෙයක් වෙන්නේ නෑ. අනිත් නායකයෝ ඔක්කෝටම මේක ඉදිරිපත් කළා. අපේ නායකයින්ට ඉදිරිපත් කළා. අපේ හිටිය ආර්ථික විශේෂඥයින් කිව්වා නායකතුමා අත තියන්න එපා කියලා. අත පිච්චෙනවා කියලා අත අල්ල ගත අය අද අංකුං කියන්නේ කොහොම ද?

දෑකැත්තයි මිටියයි ගහපු පක්ෂයක් ධනපති පන්තියකින් උදුරා ගත යුතු බලය, ධනපති පන්තිය තැටියේ තියලා දෙනකොටත් එපා කිව්වා කියලා ලෝක ඉතිහාසයේ ලියැවෙනවා. එතකොට තේරෙනවා ද මේකේ තියෙන භයානකකම. අපිට දේශපාලන ඕනෑම මතවාද තියෙන්න පුළුවන්. මොන මතවාද තිබුණත් රටක් තියෙන්න ඕනේ. ඔච්චරයි මම දන්න දේශපාලනය.

අපි කුහක වුණොත් අපේ රටට අනාගතයක් නෑ. අපේ පක්ෂය කළොත් ඕන එකක් හොඳයි. විරුද්ධ පක්ෂ කළොත් ඔක්කෝම විරුද්ධයි. මම නම් ඒ ධර්මය පිළිගන්නේ නෑ. මේ රට අවුරුද්දකට එහා තිබුණ තැන හැටියට හීනෙන්වත් හිතුවද මෙච්චර ඉක්මනින් මේක කරයි කියලා. අපේ රට තමා බංකොලොත් වෙලා මෙච්චර කෙටි කාලයකින් එළියට ආපු ලෝකයේ පළමු රට.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *