වරාය නගර ව්‍යාපෘතිය 2014 වසරේ ආරම්භ කළේ 2017 වන විට වැඩ අවසන් කිරීමට බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
එසේ වූයේ නම් 2017 වන විට වරාය නගරයට ආයෝජන ගලා විත් ඩොලර් ඩොලර් බිලියන 100-200ක් එහි සංසරණය වන බව ද හෙතෙම පෙන්වා දෙයි.
කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යාමට පෙර එවැනි ආයෝජන ප්‍රමාණයක් පැමිණියේ නම් රට මෙවැනි ආර්ථික පසුබෑමකට ගොදුරු නොවනු ඇතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.