පොහොට්ටු බලකොටුවක අයවැය පරදී…!

December 20, 2022 at 5:12 pm | by emanisa.lk

කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2023 වසර සඳහා ඉදිරිපත් කරන අයවැය කෙටුම්පත වැඩි ඡන්ද 7කින් පරාජයට පත් විය.

කුරුණෑගල මහ නගර සභාවේ රැස්වීම් ශාලාවේ දී අද (20) පැවැති විශේෂ මහ සභා රැස්වීමක දී කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේය.

මෙය කුරුණෑගල මහ නගර සභාවේ පාලන කාලය අවසන් වීමට පෙර පොදුජන පෙරමුණේ පාලනය යටතේ ඉදිරිපත් කරන ලද අවසන් අයවැය කෙටුම්පත වීම ද විශේෂත්වයකි.

අයවැයට පක්ෂව ඡන්ද 7 ක්ද විපක්ෂව ඡන්ද 14 ක්ද ලැබීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *