පසුගිය දිනක හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ හමු වීමට මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව ස්වාධීන හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් පැමිණ තිබේ.
මෙම පිරිස පවසා ඇත්තේ පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ධම්මික පෙරේරාට අවස්ථාව නොදී එම අවස්ථාව ලබා ගන්නා ලෙසයි.
එවිට තමන්ට ද නැවත පොහොට්ටුවට පැමිණිය හැකි බවත් වර්තමානයේ තමන් සිටින තැන පිළිබඳ තෘප්තියක් නැති බවත් මේ පිරිස චමල්ට දන්වා තිබේ. පිරිස එහි දී වැඩි දුරටත් පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ සමග කටයුතු කිරීමට තමන්ට නොහැකි බවයි.
කෙසේ වුව ද ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම පක්ෂයේ කාර්යයක් බව චමල් රාජපක්ෂ පැවසීමත් සමග උකටලී වූ පිරිස නැවත ගොස් තිබේ.