පොහොට්ටුව හා එජාපය එක්ව ගාල්ල මහ නගර සභාවේ 2022 අයවැය වැඩි ජන්දයෙන් සම්මත කර තිබේ.
ගාල්ල මහ නගර සභාවේ 2022 අයවැය ලේඛනය අද (15) සවස වැඩි ඡන්ද 26 කින් සම්මත විය.
නගරාධිපති ප්‍රියන්ත සහබන්ධුගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 29ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 3කි.
ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය 35ක් වන අතර අයවැයට පක්ෂව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13ක් ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 13ක් ද ශ්‍රී නිදහස් පක්ෂය මන්ත්‍රීවරු 01ක් ද එක්සත් ජාතික නිදහස් පෙරමුණුු මන්ත්‍රිවරු 1ක් ද ස්වාධින කණ්ඩායම මන්ත්‍රිවරු 01ක් ද ඡන්දය භාවිත කළහ.
අයවැයට විරුද්ධ ඡන්දය භාවිත කළේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු තිදෙනා පමණි. ශ්‍රීලනිප මන්ත්‍රීවරු දෙදෙනෙකු ඡන්දය භාවිත නොකළ අතර එක් එජාප මන්ත්‍රීවරයකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියේය.