පොහොට්ටුව විසිරුවා හරිනු…! රාජපක්ෂලාගේ දේපළ විකුණා වන්දි ගෙවනු..! මහින්ද දැන්වත් ගෙදර යනු…! – පාඨලී…

November 15, 2023 at 5:50 pm | by emanisa.lk

2018 දින 52 ආණ්ඩුවට එරෙහිව අධිකරණය ලබා දුන් තීන්දුවට පසු වත්මන් ආර්ථික අර්බුදයට රාජපක්ෂ පවුල වගකිව යුතු බවට ලැබුණේ ඓතිහාසික නඩු තීන්දුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

රටේ බංකොලොත්භාවයට වගකිව යුත්තේ බංකොලොත්භාවය ප්‍රකාශ කළ අය යැයි බේගල් කියමින් තව දුරටත් එම පිරිසට රට පුරා ඇවිදීමේ අයිතියක් නැතැයි ද හෙතෙම සඳහන් කරයි.

මන්ත්‍රීවරයා අවධාරණය කළේ, රට බංකොලොත් කළ පිරිසට තව දුරටත් රටේ නිල වාහන, නිල නිවාස භාවිතයට ඉඩක් නැති බවත් රටට සිදුව ඇති අලාභය ඔවුන්ගේ දේපළවලින් අයකර ගත යුතු බවත්ය.

රට බංකොලොත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිරුවා හැර මහින්ද රාජපක්ෂ වහාම දේශපාලනයෙන් සමුගත යුතු බව ද පාඨලී චම්පික රණවක වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *