බොහෝ දෙනා පොහොට්ටුව ඉවර යැයි සිතුව ද තමන් අළු මතින් නැවත නැඟී සිටින බව එදා පැවසුවේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
සිය පක්ෂය දේශපාලන වේදිකාවෙන් ඉවත් වුවහොත් මුළු රට ම අනතුරට පත්වීමේ අවධානමක් ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.
එම යථාර්ථය මේ රටේ ජනතාව දන්නා බව ද ඔහු පෙන්වා දෙයි.
තවමත් සිය පක්ෂයට හොරු යැයි කියමින් මහින්ද රාජපක්ට නින්දා අපහාස කරමින් පොදුජන පෙරමුණ දේශපාලන පිටියෙන් ඉවත් කිරීමට උත්සාහ කරන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු කීය.