පොහොට්ටුවේ 25ක් සජබට…! ඩලස්ගෙන් කපුකම…!

June 18, 2023 at 12:03 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මැතිවරණයක දී, සමගි ජන බලවේගය සමග එක්ව තරග කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 25ට අධික පිරිසක් සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

එම පිරිස පුද්ගලිකව සමගි ජන බලවේගයේ ප්‍රධාන නියෝජිතයින් සමග මේ වන විටත් සාකච්ඡාවල නිරත වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී අශෝක් අබේසිංහ හෙළි කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් සමගි ජන බලවේගය සමග කටයුතු කිරීමට මේ වන විටත් එකඟතාව ඵල කර ඇති අතර ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම එහි දී සක්‍රීය ලෙසට කටයුතු කරන බව ද හෙතෙම කීය.

එම කණ්ඩායමට අමතරව තවත් කණ්ඩායම් කිහිපයක්ම ඉදිරියේ දී සජබය සමග කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *