මතවාදයක් නායකත්වයක් නැති සමාජ විරෝධයක් පමණක් ඇති පොහොට්ටුව නැමැති දේශපාලන ව්‍යාපාරය මේ වන විට අහෝසි වී ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
එම ව්‍යාපාරය නැඟුණේ මහින්ද රාජපක්ෂ නම් අනුහස් නායකයා යටතේ බවත් ඔහු නොමැතිව ඊට පැවැත්මක් නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.
අද පොහොට්ටුවට මහින්ද රාජපක්ෂ නැවත වේදිකාවට රැගෙන ඒමට සිදුව ඇත්තේ ඒ නිසා බවයි, අනුර දිසානායක ප්‍රකාශ කළේ.
මහින්ද සමග නැගිටිමු යැයි කීව ද එතුමා නැගිටවීමටත් තිදෙනෙකු උවමනා බව හෙතෙම සඳහන් කරයි.
1977 මැතිවරණයේ දී එජාප ජනරැලිවලට සෙනඟ ඇද්දීමට තඹුත්තේගම යෝධයා හෙවත් හේරත් බණ්ඩා රැගෙන ගිය ආකාරයට මේ යෝධයා ද රැගෙන යන බව අනුර දිසානායක කීය.