ශ්රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ ගම පදනම් කරගත් දේශපාලන පක්ෂයක් බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි.
සිය පක්ෂය ඉදිරියේ එළඹෙන ඕනෑ ම මැතිවරණයක් සඳහා මුහුණ දීමට සූදානම් බවයි, ඔහු අවධාරණය කළේ.
මෙම වසර අභියෝගාත්මක මෙන් ම වෙනස්කම්වලට අනුගත වීමට සූදානම් විය යුතු වසරක් ලෙස ද හෙතෙම හැඳින්වූයේය.
රට ගොඩනඟන වැඩපිළිවෙළක් සහිතව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිසි අවස්ථාව පැමිණි විට පක්ෂය සහ සිය පාක්ෂිකයින් සමග එකතු වී තීන්දු කරන බව ද නාමල් රාජපක්ෂ ප්රකාශ කළේය.