ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි සමගි ජන බලවේගයට එකතු වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළකිරීමට තීන්දු කර තිබේ.
ඔහුට සමගි ජන බලවේගයේ දිළිඳුකම පිටුදැකීම හා සමෘද්ධි ව්‍යාපාරයට අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණ ප්‍රධානි තනතුර ලබා දීමට සජිත් ප්‍රේමදාස තීරණය කර ඇතැයි ද වාර්තා වෙයි.
ජගත් කුමාර, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ද වේ.