පොහොට්ටුවේ ජගත් කුමාර එක්ක 25ක් විපක්ෂයට….?

November 25, 2022 at 11:39 am | by emanisa.lk

පසුගිය අරගලය සමයේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සිය ගණනක් තමන්ට දුරකතනයෙන් කතා කළ බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එ් අතර කඩුවෙල ජගත් කුමාර යැයි හඳුන්වා ගත් අයකු තමන්ට කතා කර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 25ක් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළේ යැයි ද හෙතෙම සඳහන් කරයි.

කෙසේ වුව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර එය ප්‍රතික්ෂේප කරන්නේ නම් තමා එය පිළිගන්නා බව ද ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

මෙහි දී ජගත් කුමාර අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර අදාළ චෝදනාව ඔප්පු කළහොත් තමා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *