ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට තමන්ට කොන්දේසී 10ක් දමා ඇතැයි ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.
ඒ අතර රැකියා දශ ලක්ෂයක් නිර්මාණය කිරීම, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නොකිරීම, වැට් බදු අඩු කිරීම ආදිය ඒ අතර වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
එම වැඩ කොටස ජනාධිපති ධූරය දරන කාල සීමාවේ වැඩ කිරීමට ලැබෙන පැය 9600 ඇතුළත කරන ආකාරය මේ වන විට සැලසුම් කරන බව ධම්මික පෙරේරා සඳහන් කරයි.
2024 ජනාධිපතිවරණය සඳහා තවත් ඇත්තේ උපරිම වශයෙන් දින 286ක් බවත් පක්ෂය විසින් අපේක්ෂකයා නිවේදනය කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.