පොහොට්ටුයේ මන්ත්‍රීලා අත උස්සලා ගමට එන්න එපා…! – ඩිලාන්…

June 28, 2023 at 8:08 pm | by emanisa.lk

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අත උස්සා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ගමට එන්න එපා යැයි නිදහස ජනතා සභාවේ ඩිලාන් පෙරේරා පවසයි.

එසේ පැමිණෙන්නේ නම් ජනතාව ගල් ගසනු ඇති බවත් හෙල්මට් පැළඳ ගමට එන ලෙසත් හෙතෙම අනතුරු අඟවයි.

ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම පිළිබඳ සැබෑ තොරතුරු වසන් කරන බවට ද ඔහු චෝදනා කළේය.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, නන්දලාල් වික්‍රමසිංහ වන්නට කටයුතු කළ යුතු නැති බවත් ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවට එකතු වෙමින් අද (29) ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *