පොස්පේට් සමාගම විමල්ගෙන් ගලවයි…! අමාත්‍යංශ ලේකම් ධූරයටත් ජෙනරාල්වරයෙක්…!

June 19, 2021 at 1:12 pm | by emanisa.lk

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් විමල් වීරවංශ කටයුතු කරනු ලබන අතර කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු කරනු ලැබේ.

මේ අතර වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ඊයේ පත් කරනු ලැබිණි.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට නිලයෙන් විශ්‍රාම ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *