පොලිසිය යළි හිටපු පොලිස්පති යටතට..! සියල්ලන්ට ඉහළින් අලුත් තනතුරක්..!

December 3, 2023 at 1:04 pm | by emanisa.lk

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලබන ප්‍රධාන පෙළේ සිවිල් තනතුරක් වන පොලිස් කොමසාරිස් ජනරාල්වරයාට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරෙනු ඇතැයි සඳහන් වෙයි.

හිටපු පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කිරීමට ද යෝජනා වී ඇති ඇතත් වැඩි ප්‍රමුඛතාව ලබාදෙන්නේ අලුතින් ස්ථාපිත කරන පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයට පත් කිරීමට බව වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *