පොලිසියේ යකා නැටූ පොහොට්ටු සභාපති අත් අඩංගුවට…!

October 17, 2025 at 12:52 pm | by emanisa.lk

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ උදාර මධුශංඛ පෙරේරා නමැත්තා ඊයේ (16) ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මොහු පොලිස් ස්ථානය තුළදී අශෝබන ලෙස හැසිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

ඔහු මධ්‍යම රාත්‍රියේදී සිය මෝටර් රථයෙන් පොලිස් ස්ථානයට ඇතුළු වී මෝටර් රථයේ එන්ජිම මහ හඬින් ක්‍රියාත්මක කරමින්, පොලිස් නිලධාරීන් අපහසුතාවට පත් කරමින් හැසිරී තිබේ.

ඔහුගේ හැසිරීම පිළිබඳව විමසීමට පැමිණි පොලිස් නිලධාරියෙකුටද ඔහු බැණ වැදී ඇති බව සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *