පසුගිය සමයේ මහජනතාව තුළ පොලිසිය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමක් සිදුව තිබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.
කෙටි කාලනීව කළ නොහැකි වුව ද එම විශ්වාසය ගොඩනැඟීමේ විශාල වගකීමක් ඇති බව ද ඇමතිවරයා කීය.
රටේ නීතිය හා සාමය රැකීමට දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව පොලිසියට අවස්ථාව හිමි වන බවයි, ඔහු අවධාරණය කළේ.
ඇමැති විජිත හේරත් සඳහන් කළේ, රාජකාරී අවශ්‍යතා මත මිස දේශපාලන අධිකාරයේ අවශ්‍යතාව මත පොලිසියේ උසස්වීම් සහ මාරුවීම් තව දුරටත් සිදුවිය යුතු නැති බවයි.
අද (25) උදෑසන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ භාරගනිමින් ඔහු මේ බව කීය.