පොලිස්පති පුටුව පෙන්වා ජනාධිපතිවරණය කල් දමන සැලසුමක්…!

July 25, 2024 at 4:31 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත රනිල් වික්‍රමසිංහ සිය මැතිවරණ ව්‍යාපාරය රජයේ මුදලින් ක්‍රියාත්මක කරමින් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි චෝදනා කරයි.

එපමණක් නොව මේ වන විට රටේ පොලිස්පතිවරයෙකු නැතැයි පවසමින් ජනාධිපතිවරණය කල් දැමීමේ සූදානමක් ඇතැයි ද හෙතෙම කීය.

ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කොට තීන්දුවක් ලබා දෙන බව පවසමින් උත්සාහ කරන්නේ ඒ සඳහා ජන මතයක් ගොඩනැඟීමට බව ද චන්දිම වීරක්කොඩි සඳහන් කළේය.

කෙසේ වුව ද මැතිවරණ පිළිබඳ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කොට ඇති බවත් ඒ සඳහා පොලිස්පතිවරයා අනිවාර්ය නොමැති බවත් කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළ බව ද ඔහු වැඩි දුරටත් කීය.

අද උදෑසන (25) මැතිවරණ කොමිස වෙත පැමිණ පිටව යාමේ දී මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *