පොලිස්පතිවරයා පත් කිරීම සඳහා රටේ ආගමික නායකයින් බලපෑම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමි පවසයි.
පොලිස්පති ධූරයට දේශබන්දු තෙන්නකෝන් සහ නිලන්ත ජයවර්ධන පත් කිරීමට විරෝධය පා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇතැයි දැනගන්නට ඇතැයි ද එහිමියෝ සඳහන් කරති.
ආගමික නායකයින් පාලකයින්ට උපදෙස් ලබා දිය යුතු කරුණු ඇතත් ජාතික ආරක්ෂාව හා සම්බන්ධ තනතුරු පත් කිරීමට ඇඟිලි ගැසිය යුතු නැති බවත් ජනාධිපතිවරයාට එම අයිතිය තිබිය යුතු බවත් නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමි වැඩි දුරටත් අවධාරණය කරති.