පොලිස්පති, නීතිපති නියෝග නොතකා හරී…! මෛත්‍රීගේ පුතාට පහර දුන් පොලිස් නිලධාරීන් තවමත් නිදැල්ලේ….!

March 8, 2021 at 11:23 am | by emanisa.lk

නීති සිසුවකු වන මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිසිය තුළ දී ඉකුත් පෙබරවාරි 25 වන දින පහරදීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන සියලුම පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා වෙත ඉකුත් 3 වැනිදා උපදෙස් දී තිබිණි.

එලෙස උපදෙස් දී අද (8) වන විට දින 5ක් ගත වී ඇතත් මේ වන තෙක් කිසිදු සැකකරුවකු ​අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නොමැත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර ​පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන දණ්ඩ නීති සංග්‍රහය සහ වධහිංසා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් දී තිබිණි. මිගාර ගුණරත්න හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ පුතෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *